පානදුර රෝහල ඉදිරිපිට ගිලන්රථ රියදුරෙකුට වෙඩි පත්තුකළ සිද්ධියේ අයෙක් අත්අඩංගුවට

පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන්රථ රියදුරෙකුට යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනිඅවි දෙකක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 21 හැවිරිදි වියේ පසුවන පානදුර, උයන්කැලේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සැකකරු අපරාධ කල්ලි සාමාජික සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු’ සමඟ හෝ වෙතත් ආකාරයෙන් දිවයින තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරනු ලබනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

2022 වර්ෂයේ ජනවාරි මස 27 වනදා පානදුර මූලික රෝහල ඉදිරිපිට දී කේතුමතී රෝහලේ ගිලන්රථයේ රියදුරුට නාඳුනන යතුරුපදිකරුවන් හතර දෙනෙක් පැමිණ වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් ගිලන්රථයේ රියදුරුට හානියක් සිදුව තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06