මහනුවර ව්‍යාපාරිකයාගේ ජාවාරම පොලිස් දැලේ පැටලෙයි

නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි මත් කරල් තොගයක් සමග රේගුව මග හරිමින්, කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වන අතර නිරන්තරයෙන් ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රී ගැබ් – 150 (Pregab – 150) නැමැති මෙම මත් කරල් 60,460ක් සැකකරු සිය ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන පැමිණ තිබුණා.

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව හෙරොයින්වලට ඇබ්බැහි කරවීම සදහා මුලින්ම ලබා දෙන මත් කරල් විශේෂයක් වන මේවායේ එක් කරලක වෙළෙඳ පළ වටිනාකම රුපියල් 300ක් පමණ වන බවයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ එක් ලක්ෂ තිස් අට දහසක් (181,038,000) පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (18) දින අලුයම 01.59ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මේ වනවිට මෙම ව්‍යාපාරිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14