spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර ව්‍යාපාරිකයාගේ ජාවාරම පොලිස් දැලේ පැටලෙයි

නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි මත් කරල් තොගයක් සමග රේගුව මග හරිමින්, කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වන අතර නිරන්තරයෙන් ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රී ගැබ් – 150 (Pregab – 150) නැමැති මෙම මත් කරල් 60,460ක් සැකකරු සිය ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන පැමිණ තිබුණා.

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව හෙරොයින්වලට ඇබ්බැහි කරවීම සදහා මුලින්ම ලබා දෙන මත් කරල් විශේෂයක් වන මේවායේ එක් කරලක වෙළෙඳ පළ වටිනාකම රුපියල් 300ක් පමණ වන බවයි හෙළිවී ඇත්තේ.

ඒ අනුව මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ එක් ලක්ෂ තිස් අට දහසක් (181,038,000) පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (18) දින අලුයම 01.59ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මේ වනවිට මෙම ව්‍යාපාරිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?