සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු ජාතීන්ගේ ණය කඩිනම් නැවත සකසන ලෙස ඉන්දීය මුදල් ඇමති ඉල්ලයි

ජාත්‍යන්තර ණය අර්බුදය විසඳීම සහ ගෝලීය දරිද්‍රතා අභියෝගයට ආමන්ත්‍රණය කිරීම එකිනෙකට සමඟ සමීපව බැඳී ඇති බව ඉන්දීය  මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්  පවසනවා.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ වොෂින්ටන්හිදි ආරම්භ වූ ජී ​​20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ දෙවැනි රැස්වීමේදී සීතාරාමන් ඉල්ලා සිටියේ දිළිඳු  සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කාලෝචිත ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා ලෙසයි.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ ඒවායේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය ශක්තිමත් කිරීමේ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය ද මෙහිදී  සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් සහ ඉන්දීය රිසර්ව් බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ගෝලීය ආර්ථිකයට ඇති අභියෝග, ගෝලීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කිරීම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය  මුදල් අමාත්‍යාංශය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ලෝකයේ අඩු ආදායම්ලාභී රටවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ණය උවදුරේ ඉහළ අවදානමක හෝ දැනටමත් එයට මුහුණ දී සිටින බවටයි ගණන් බලා ඇත්තේ.

එම ගණනයට අනුව අඩු ආදායම්ලාභී රටවල් 70කගේ පමණ සමස්ත ණය බර ඩොලර් බිලියන 326ක්.

ජී 20 කාණ්ඩයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල්  2020 දී දුප්පත් රටවලට ආපසු ගෙවිය නොහැකි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුමට කිරීම සඳහා පොදු රාමුවක් අනුමත කර ඇතත්, කිසිදු ජාතියකට තවමත් ඒ යටතේ සහනයක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52