අවුරුදු දා අහුංගල්ලේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

පසුගිය 14 වනදා අහුංගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කරන්දෙණිය, ඇරවාවිල – පනාපිටිය මාර්ගයේ දීනවල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක දමාගොස් තිබිය දී එම යතුරුපැදිය අද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුව අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් යතුරුපැදියක අංකයට සමානව ව්‍යාජ ලෙස සැකසූ එකක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වනදා පස්වරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා පලාගොස් තිබුණේ අහුංගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේ දීයි.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ අතර, එහි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වුණේ 29 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03