කලා වැවට අයිස් වැස්සක් – මසුන් දහස් ගණනක් අස්වාභාවික ලෙස මිය ගිහින් (ඡායාරූප)

මේ දිනවල කලා වැවේ මසුන් දහස් ගණනක් අස්වාභාවික ලෙස මිය යමින් පවතින බව තොරතුරු වාර්තා වනවා.

මෙලෙස මිය ගිය මසුන් නාන තොටුපොළ හා රළපනාව ආශ්‍රිත ප්‍රදේශවල දැකගත හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ අවට දැඩි දුගන්ධයක් ද පවතින අතර වැව භාවිතාකරන පිරිස් වෙත බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කලා වැවේ ජල ධාරිතාවය ද මේ වනවිට අක්කර අඩි 70000ක පමණ අගයක පවතින අතර, මෙලෙස මසුන් මිය යාමට හේතුව ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය විය හැකි බවට ද සැකපළ කරනවා.

වැවේ ජල තත්ත්ව පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය සාම්පල රැස් කිරීම ද ශ්‍රී ලංකා මහවැලි අධීකාරියේ ජල තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරය මඟින් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (15) සවස කලාවැව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 55ක වැස්සක් පතිත වූ බව කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසනවා.

පැයක පමණ කාලයක් පැවැති මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද ප්‍රදේශයට පතිත වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Image 2023 04 16 at 2.56.57 PM
WhatsApp Image 2023 04 16 at 2.56.52 PM 1
WhatsApp Image 2023 04 16 at 2.56.54 PM
WhatsApp Image 2023 04 16 at 2.56.56 PM 1
WhatsApp Image 2023 04 16 at 2.56.57 PM
WhatsApp Image 2023 04 16 at 2.56.58 PM 1
  1. සුපෝෂණය වියහැකියි. ඇල්ගී වේගයෙන් වර්ධනය වී මෙන් ජලයේ ඔක්සිජන් හිග වී මාලුන්ට ඔක්සිජන් සිග්‍රයෙන් මරණයට පත් විය හැකිය.

  2. HIGHLY AND HEAVYLY CONTAMINATED WATER. HUMAN IS NOT BELONG TO THE NATURE. NATURE AND ALL CREATURES FIGHT BY HOLDING ONE SIDE WHILE THE HUMAN ITSELF HOLDING THE COUTER SIDE AND FIGHT WITHOUT SHOW MERCY AND GRACE