වැඩිහිටියන් චීනයට බරක් වෙන ලකුණු

චීනයේ ජාතික අගනුවර වන බීජිං සහ එරට මූල්‍ය අගනුවර වන ෂැංහයි හි  ජනගහණයේ අඩුවීමක් නිරීක්ෂණය වී තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් වන හොංකොං හි පවා මෙම තත්ත්වය දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම නගරවල වයස්ගත ජනගහන අනුපාතය වර්ධනය වන අතර උපත් අනුපාතිකයේ පහත වැටීමක් දක්නට ලැබෙනවා.
චීනය තවමත් ලොව වඩාත්ම ජනාකීර්ණ රටයි.

මෙතෙක් එහි ආර්ථික ප්‍රගතිය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ලාභදායි ශ්‍රම බලකායයි.

මේ අනුව, නරක අතට හැරෙන ජන විකාශනය දිගු කාලීනව චීනයට හානි කිරීමට ඉඩ ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

දශක දෙකකට පසු පළමු වතාවට බීජිං හි ජනගහනය 2022 දී මිලියන 21.84 දක්වා වසරක් තුළ 84,000 කින් අඩු වී තිබුණා.

මරණ අනුපාතය පුද්ගලයින් 1,000කට මරණ 5.72 දක්වා වැඩි වී ඇති අතර උපත් අනුපාතය 1000කට 6.67 දක්වා පහත වැටී තිබෙනවා.

කොවිඩ් වසංගතය අතරතුර වඩාත්ම බලපෑමට ලක් වූ නගරය වූ ෂැංහයි හි ජනගහනය 135,400 කින් අඩු වී ඇත්තේ  මිලියන 24.76 දක්වායි.

හොංකොං හි ජනගහනය ද අඛණ්ඩව තුන්වන වරටත් හැකිළෙමින් 2022 දී එහි ජනගහනය සියයට එකක අඩුවක් වාර්තා කළා.

චීනයේ  ජනගහන අඩුවීමක් පළමු වරට වාර්තා වන්නේ 1960 ගණන්වලින් පසුවයි.

චීනයේ ජනගහන සැලසුම් මුලපිරීම යටතේ එක් දරු ප්‍රතිපත්තිය පවුල්වලට එක් දරුවෙකු පමණක් ඇති කිරීමට බල කර තිබුණා.

එය මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇත්තේ විවාහක ජෝඩු එක දරුවෙකුට වඩා ඇති දැඩි කිරීමට අකමැති වීම හේතුවෙන්.
බොහෝ දෙනෙක් තනිකඩව සිටීමට හෝ දරුවෙකු නොමැතිව සිටීමට පවා උත්සාහ කරන තත්ත්වයක් මේ වන විට මතුව තිබෙනවා.

ජීවන වියදම් වැඩිවීම,පවුල් ඇතිකිරීමේ දුෂ්කරතා සහ රැකියාවල අවිනිශ්චිතතාවයන් මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි ලෙස විවේචනයට ලක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ Zero- Covid ප්‍රතිපත්තිය කාන්තාවන්ට දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට හෝ අත්හැරීමට තවත් ප්‍රධාන හේතුවක් වූ බව විචාරකයින් පෙන්වා දෙනවා.

මිනිසුන්ගේ ජීවිත කෙරෙහි දැඩි පාලනයක්  ඇති කිරීම දරුවන් ලැබීමට මිනිසුන්ගේ ආශාවට බලපෑමක් ඇති කර ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවද  පිළි ගෙන තිබෙනවා.

උපත් අනුපාතය ඉහළ නැංවීමට ආන්ඩුව දරන උත්සාහයන් නිෂ්ඵල වී ඇති අතර, චීනය දැන් නොවැළැක්විය හැකි ජනවිකාස අර්බුදයක් දෙස බලා සිටින බවත්  චීනයේ උපත් අනුපාතය ශතවර්ෂයකට වැඩි කාලයක් අඛණ්ඩව හැකිලෙනු ඇති බවත් බීජිං හි ජන විකාශන විශේෂඥයෙකු වන Huang Wenzheng පුරෝකථනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?