වැඩිහිටියන් චීනයට බරක් වෙන ලකුණු

චීනයේ ජාතික අගනුවර වන බීජිං සහ එරට මූල්‍ය අගනුවර වන ෂැංහයි හි  ජනගහණයේ අඩුවීමක් නිරීක්ෂණය වී තිබෙනවා.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් වන හොංකොං හි පවා මෙම තත්ත්වය දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම නගරවල වයස්ගත ජනගහන අනුපාතය වර්ධනය වන අතර උපත් අනුපාතිකයේ පහත වැටීමක් දක්නට ලැබෙනවා.
චීනය තවමත් ලොව වඩාත්ම ජනාකීර්ණ රටයි.

මෙතෙක් එහි ආර්ථික ප්‍රගතිය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ලාභදායි ශ්‍රම බලකායයි.

මේ අනුව, නරක අතට හැරෙන ජන විකාශනය දිගු කාලීනව චීනයට හානි කිරීමට ඉඩ ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

දශක දෙකකට පසු පළමු වතාවට බීජිං හි ජනගහනය 2022 දී මිලියන 21.84 දක්වා වසරක් තුළ 84,000 කින් අඩු වී තිබුණා.

මරණ අනුපාතය පුද්ගලයින් 1,000කට මරණ 5.72 දක්වා වැඩි වී ඇති අතර උපත් අනුපාතය 1000කට 6.67 දක්වා පහත වැටී තිබෙනවා.

කොවිඩ් වසංගතය අතරතුර වඩාත්ම බලපෑමට ලක් වූ නගරය වූ ෂැංහයි හි ජනගහනය 135,400 කින් අඩු වී ඇත්තේ  මිලියන 24.76 දක්වායි.

හොංකොං හි ජනගහනය ද අඛණ්ඩව තුන්වන වරටත් හැකිළෙමින් 2022 දී එහි ජනගහනය සියයට එකක අඩුවක් වාර්තා කළා.

චීනයේ  ජනගහන අඩුවීමක් පළමු වරට වාර්තා වන්නේ 1960 ගණන්වලින් පසුවයි.

චීනයේ ජනගහන සැලසුම් මුලපිරීම යටතේ එක් දරු ප්‍රතිපත්තිය පවුල්වලට එක් දරුවෙකු පමණක් ඇති කිරීමට බල කර තිබුණා.

එය මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇත්තේ විවාහක ජෝඩු එක දරුවෙකුට වඩා ඇති දැඩි කිරීමට අකමැති වීම හේතුවෙන්.
බොහෝ දෙනෙක් තනිකඩව සිටීමට හෝ දරුවෙකු නොමැතිව සිටීමට පවා උත්සාහ කරන තත්ත්වයක් මේ වන විට මතුව තිබෙනවා.

ජීවන වියදම් වැඩිවීම,පවුල් ඇතිකිරීමේ දුෂ්කරතා සහ රැකියාවල අවිනිශ්චිතතාවයන් මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
දැඩි ලෙස විවේචනයට ලක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ Zero- Covid ප්‍රතිපත්තිය කාන්තාවන්ට දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට හෝ අත්හැරීමට තවත් ප්‍රධාන හේතුවක් වූ බව විචාරකයින් පෙන්වා දෙනවා.

මිනිසුන්ගේ ජීවිත කෙරෙහි දැඩි පාලනයක්  ඇති කිරීම දරුවන් ලැබීමට මිනිසුන්ගේ ආශාවට බලපෑමක් ඇති කර ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවද  පිළි ගෙන තිබෙනවා.

උපත් අනුපාතය ඉහළ නැංවීමට ආන්ඩුව දරන උත්සාහයන් නිෂ්ඵල වී ඇති අතර, චීනය දැන් නොවැළැක්විය හැකි ජනවිකාස අර්බුදයක් දෙස බලා සිටින බවත්  චීනයේ උපත් අනුපාතය ශතවර්ෂයකට වැඩි කාලයක් අඛණ්ඩව හැකිලෙනු ඇති බවත් බීජිං හි ජන විකාශන විශේෂඥයෙකු වන Huang Wenzheng පුරෝකථනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56