වන අලි පහරදීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මහවිලච්චිය වැව් පිටියේදී සහ තඹුත්තේගම තෙල්හිරියාව යන ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

මහවිලච්චිය වැවේ තවත් දෙදෙනෙකු සමග මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට යමින් සිටියදී ඊයේ (13) පස්වරුවේ එක් අයෙකු වන අලි පහරදීමට ලක්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ පේමඩුව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මෘත ශරීරය මහවිලච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී තඹුත්තේගම තෙල්හිරියාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමෙන් මියගොස් ඇත්තේ 54 හැවිරිදි තෙල්හිරියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු තම නිවසට යාබද නිවසේ පදිංචි දියණියගේ ඉඩමට පැමිණි වන අලියෙකු එලවා දැමීමට යන අවස්ථාවේ වන අලියා පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද රථයකින් තඹුත්තේගම මූලික රොහලට ‍රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිටි බවටයි හෙළිවී ඇත්තේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මෙම ප්‍රදේශයේ සිදු වූ තුන්වන වන අලි ප්‍රහාර මරණය මීය වන අතර මීට පෙර වනජීවී නිලධාරියෙක් මෙන්ම ගොවියෙකු ද මියගිය බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

තවත් මරණයක් සිදු වීමට පෙර මෙම ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාදෙන ලෙසටයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඇතෙක් ද මේ දිනවල ප්‍රදේශයේ සැරිසරන බවට ඔවුන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?