Slave Island කොම්පඤ්ඤ වීදිය වීම ගැන අගමැතිට තුති

Slave Island ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලැබූ කොම්පඤ්ඤ වීදිය නැවත කොම්පඤ්ඤ වීදිය ලෙසට නම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැලේ සංගමය (SLMA) අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

අද (12) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා මැලේ සංගමයේ (SLMA) සභාපති රිස්වාන් බදූර්දීන් සහ ප්‍රධාන ලේකම් ඉක්‍රාම් කට්ටිලාන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අවස්ථාවේදී යි මේ බව කියාසිටියේ.

කොම්පඤ්ඤ වීදිය යන නම සිංහල සහ දෙමළ භාෂාවලින් භාවිත වී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් Slave Island ලෙස හැඳින්වූ අතර එය ඉංග්‍රීසි භාෂාවෙන්ද කොම්පඤ්ඤ වීදිය ලෙස වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් පියවර ඔවුන් අගය කර තිබෙනවා.

මෙහිදී මැලේ සංගමය විසින් සිදු කරනු ලබන සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළා.

100 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා මැලේ සංගමය වෙත අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා මැලේ සංගමයට පෙර පිහිටුවා ගත් ශ්‍රී ලංකා මැලේ ක්‍රිකට් සමාජය මේ වසරේ සිය 150 වැනි සංවත්සරය සමරන බවයි බදූර්දීන් මහතා මෙහිදී කියාසිටියේ.

ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාවේ සේවය කළ සහ කැපකිරීම් කළ මැලේ සාමාජිකයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළා.

මැලේ ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජයට මුළුමනින්ම ඒකාබද්ධ වීම සියලු ජන කොටස්වලට වටිනා ආදර්ශයක් සපයා ඇති බවයි සඳහන් කළේ.

එමෙන්ම සියලුම ප්‍රජාවන්හි අඩු ආදායම්ලාභී පවුල්වල උදෙසා සමාජ සේවා සිදු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේ සංගමය වෙත ස්තූතිය පුද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30