උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඉහළට

උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වැටලීම් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

එම අධිකාරිය පැවසුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන කරුණු පිළිබඳව මෙම වැටලීම් වලදී අවධානය යොමුකරන බවයි.

ඒ, අනුව එලෙස වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වෙළඳුන් 1500 කට වැඩි පිරිසකට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

උත්සව සමයේ රාජකාරින් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති අතර, නිවාඩු දිනවල මෙන්ම අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද නිලධාරීන් රාජකාරින් සිදුකරමින් පවතින බව එම අධිකාරිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46