කැබිනට් සංශෝධනයක් අලුත් අවුරුද්දෙන් පසු ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු සිදුකිරීමට නියමිත බවට වාර්තා පළ වනවා.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පළපුරුදු දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මෙහිදී කැබිනට් අමාත්‍ය ධුර ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මීට පෙර ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයට එක්වීමට නියමිත බව ද සඳහන්.

කෙසේවෙතත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පත් කිරීමට හැකියාව පවතින්නේ කැබිනට්‌ අමාත්‍යවරුන් 30 දෙනකු පමණයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර, ඉන් 20 දෙනෙක් දැනටමත් පත්ව සිටිනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍ය ධුර 10 සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසනවා.

සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, අලුතින් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එම අමාත්‍ යධුර සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍ය ධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි සඳහන්.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ආණ්ඩුවට එක්වී අමාත්‍ යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බවටයි වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් පළ කර නොමැති බවටයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?