කැබිනට් සංශෝධනයක් අලුත් අවුරුද්දෙන් පසු ?

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු සිදුකිරීමට නියමිත බවට වාර්තා පළ වනවා.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පළපුරුදු දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මෙහිදී කැබිනට් අමාත්‍ය ධුර ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මීට පෙර ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රජයට එක්වීමට නියමිත බව ද සඳහන්.

කෙසේවෙතත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පත් කිරීමට හැකියාව පවතින්නේ කැබිනට්‌ අමාත්‍යවරුන් 30 දෙනකු පමණයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර, ඉන් 20 දෙනෙක් දැනටමත් පත්ව සිටිනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍ය ධුර 10 සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසනවා.

සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, අලුතින් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එම අමාත්‍ යධුර සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇති බවටයි වාර්තා වන්නේ.

අමාත්‍ය ධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි සඳහන්.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ආණ්ඩුවට එක්වී අමාත්‍ යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බවටයි වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් පළ කර නොමැති බවටයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16