AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 16 ක පාසල් සිසුවෙකුට ලිංගික හිංසනයක් සිදුකළ 44 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකුට බරපතල ලිංගික හිංසනයක් සිදුකළ බව කියන 44 හැවිරිදි අයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් දරුවාගේ පියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වෙළද සැළක් පවත්වා ගෙන යන බවත්,සිද්ධිය වූ දිනයේ එම වෙළද සැළ තුළ සිට ඇත්තේ දරුවා පමණක් බවත් පොලීසියට පවසනවා.

එම අවස්ථාවේ වෙළද සැළට පැමිණ ඇති සැකකරු දරුවාගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගෙන ඔහුට අවස්ථා කිහිපයක් දුරකථන ඇමතුම් දී ළමයා නැවත නිවස කරා යන අතරතුර ඔහු පා පැදියක නංවා ගෙන සැකකරුගේ නිවසට කැදවාගෙන ගොස් තිබෙනවා.

එම නිවසේදී සැකකරු තමන්ට අතවර කිරීමට සුදානම් වන බව දැන ගෙන ඇති දරුවා ඊට විරෝධය පළ කිරීමත් සමග පිහියක් ගෙන ළමයාට තර්ජනය කර මෙම අපරාදය සිදුකර ඇති බව හෙළිවුණා.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?