මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මනම්පිටිය ප්‍රාදේශීය වාර්තාකරු නිමල් ජයරත්න මහතාට දුරකථනයෙන් මරණ තර්ජනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් විශ්‍රාමික යුද හමුදා සෙබෙළකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ඓතිහාසික කොස්ගහඋල්පත නිධන් හෑරීමේ ප්‍රවෘත්තිය වාර්තා කළා සේම ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිධන් සෙවීමේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තා නොකරන්නේ නම්, මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතා ඇතුළු පවුලේ උදවිය වෙඩිතබා ඝාතනය කරන බවටයි සැකකරු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබුණේ.

දිඹුලාගල මහඋල්පත ගම්මානයේ පදිංචි සැකකාර විශ්‍රාමික හමුදා සෙබලා මාසයකට ආසන්න කාලයක් සැඟව සිටියදී ඊයේ (04) සවස අත්අඩංගුවට පත්වුණා.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ දිඹුලාගල මහඋල්පත කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙක්.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදී හදිසි අනතුරකින් අපවත් වූ ස්වාමීන් වහන්සේ නමකගේ ආවාසගෙයක් තුළ නිධන් හැරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මාර්තු 5 වැනිදා රාත්‍රී දහයට පමණ, මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට යුද හමුදාවේ බවට ඉඟි පළ කරමින් නිර්නාමික දුරකථන ඇමතුමක් ලබාදී මරණ තර්ජනය කර තිබුණා.

මේ පිළිබඳව මාර්තු 7 වනදා පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව සහ ඔහු විසින් පටිගත කරගත් හඬපට අධිකරණයට ලබාදීමෙන් අනතුරුව අදාළ දුරකථන අංකය මරණීය තර්ජනය කරන ලද විශ්‍රාමික සෙබලාගෙ බවටයි තහවුරු වී ඇත්තේ.

පසුව සැකකාර යුද හමුදා විශ්‍රාමිකයා මාසයකට ආසන්න කාලයක් සැඟව සිටියදී ඊයේ අත්අඩංගුවට පත්වුණා.

මනම්පිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04