AFC Banner
Empty Ad
Empty Ad

මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මනම්පිටිය ප්‍රාදේශීය වාර්තාකරු නිමල් ජයරත්න මහතාට දුරකථනයෙන් මරණ තර්ජනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් විශ්‍රාමික යුද හමුදා සෙබෙළකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ඓතිහාසික කොස්ගහඋල්පත නිධන් හෑරීමේ ප්‍රවෘත්තිය වාර්තා කළා සේම ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිධන් සෙවීමේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය වාර්තා නොකරන්නේ නම්, මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතා ඇතුළු පවුලේ උදවිය වෙඩිතබා ඝාතනය කරන බවටයි සැකකරු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබුණේ.

දිඹුලාගල මහඋල්පත ගම්මානයේ පදිංචි සැකකාර විශ්‍රාමික හමුදා සෙබලා මාසයකට ආසන්න කාලයක් සැඟව සිටියදී ඊයේ (04) සවස අත්අඩංගුවට පත්වුණා.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ දිඹුලාගල මහඋල්පත කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙක්.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටියදී හදිසි අනතුරකින් අපවත් වූ ස්වාමීන් වහන්සේ නමකගේ ආවාසගෙයක් තුළ නිධන් හැරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මාර්තු 5 වැනිදා රාත්‍රී දහයට පමණ, මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට යුද හමුදාවේ බවට ඉඟි පළ කරමින් නිර්නාමික දුරකථන ඇමතුමක් ලබාදී මරණ තර්ජනය කර තිබුණා.

මේ පිළිබඳව මාර්තු 7 වනදා පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව සහ ඔහු විසින් පටිගත කරගත් හඬපට අධිකරණයට ලබාදීමෙන් අනතුරුව අදාළ දුරකථන අංකය මරණීය තර්ජනය කරන ලද විශ්‍රාමික සෙබලාගෙ බවටයි තහවුරු වී ඇත්තේ.

පසුව සැකකාර යුද හමුදා විශ්‍රාමිකයා මාසයකට ආසන්න කාලයක් සැඟව සිටියදී ඊයේ අත්අඩංගුවට පත්වුණා.

මනම්පිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?