බදුල්ලේ බිග් මැච් උමතුවෙන් බිළිගත් සිසුන් දෙදෙනා අද අවසන් ගමනේ

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර පැවති රථ පෙළපාලියකදී කැබ් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් මියගිය බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට එම සිසුන් දෙදෙනාගේ දේහයන් බදුල්ල සහ හැලිඇල පිහිටි ඔවුන්ගේ නිවෙස්වල තැන්පත්කර තිබෙනවා.

බදුල්ල ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහ විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව ධර්මදූත විද්‍යාලය විසින් රථ පෙළපාලියක් සංවිධානය කර තිබුනේ තරගයේ දෙවන දිනය වූ පෙරේදා (01) දිනයේයි.

එහිදී රථ පෙළපාලිය සඳහා සහභාගී වූ කැබ් රථයක් බදුල්ල නව ක්‍රීඩාංගණයේ දී පෙරළීයාමෙන් දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් එම පාසලේ උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මියගිය සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු බදුල්ල හේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි බදුල්ල පොදු සුසාන භූමියේදි අද (02) පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20