ගෙවිම් නොකළ ට්විටර් ගිණුම්වල ‘නිල් ටික් එක’ එලොන් මස්ක් ගලවයි

ගෙවිම් නොකළ ගිණුම්වලින් එම ගිණුම්වල සත්‍යාපන ලාංඡනය (නිල් පිරික්සුම් සලකුණ) ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

අප්‍රේල් පළමු වනදා සිට මෙය ක්‍රියාත්මක බවයි ට්විටර් සමාගම සඳහන් කළේ.

ට්විටර් සමාගමේ මෙම තීරණයත් සමඟ ලොව ප්‍රසිද්ධ ආයතන සහ සමාගම් රැසක ට්විටර් ගිණුම්වල සත්‍යාපන ලාංඡනය ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ, අනුව ලොව ප්‍රමුඛ පුවත් ආයතනය වන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ට්විටර් ගිණුමේ සහ තවත් ආයතන රැසක සත්‍යාපන ලාංඡන ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලොන් මස්ක් විසින් පසුගිය වසරේ ට්විටර් සමාගමේ හිමිකරිත්වයට පත් වූ දින සිට මුදල් ගෙවන පරිශීලකයින්ට සහ ග්‍රාහකයින්ට අව්‍යාජ ගිණුමක් පෙන්නුම් කරමින් “නිල් පිරික්සුම් සලකුණ” විවෘත කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දුන්නා.

මස්ක්ගේ නව ක්‍රමය යටතේ මේ වනවිට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ට්විටර් ගිණුම සත්‍යාපිත ව්‍යාපාරික ගිණුම් ලෙස ටැග් කර ඇති අතර, ඔවුන්ට යළිත් නිල් පිරික්සුම් සලකුණ ලබා ගැනීමට නම් මාසික ගාස්තුව ලෙස ඩොලර් 1,000ක් සහ එක් එක් අතිරේක අනුබද්ධ ගිණුමක් සඳහා ඩොලර් 50ක් ගෙවීමට සිදුවනවා.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පැවසුවේ සත්‍යාපිත ව්‍යාපාරික ගිණුමක් සඳහා මුදල් නොගෙවන බවත්, ඔවුන්ගේ වාර්තාකරණ අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය යැයි සලකන මාධ්‍යවේදීන් සඳහා පමණක් නිල් ටික් එකක් සඳහා දායක වන බවයි.

මේ අතර CNN, ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු බොහෝ ප්‍රවෘත්ති ආයතන ට්විටර් සත්‍යාපනය සඳහා මුදල් නොගෙවන බවද පවසා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40