දේශීය කිරිපිටි මිලත් අද සිට පහළට

දේශීය කිරිපිටි මිල අද (03) දිනයේ සිට පහළ දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

පාරිභෝගික අධිකාරියේ දැනුම්දීමකට අනුව ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙලෙස මිල පහත දමන බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ,අනුව දේශීය කිරිපිටිවල නව මිල ගණන් පසුව දැනුම් දෙන බවයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල ද පසුගිය පළමු වනදා සිට අඩු කිරීමට පියවරගෙන තිබුණා.

ඒ, අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?