චරිත් අසලංකගෙන් අර්ධ ශතකයක්

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු T20 තරගයේදී තම 4 වන අර්ධ ශතකය ලබා ගැනීමට චරිත් අසලංක සමත් වුණා.

ඔහු මෙම ලකුණු 50 ලබාගත්තේ පන්දු 32 කට මුහුණ දෙමින්.

චරිත් අසලංකගේ අර්ධ ශතකයට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කණ්ඩායම මේවන විට පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 143ක් ලබා සිටිනවා.

පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

කුසල් මෙන්ඩිස් පන්දු 9කින් වේගවත් ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියා. ඔහුගේ ලකුණු 25ට හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුණා.

ධනංජය ද සිල්වා ලකුණු 15ක් ලබා ගත්තා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 46ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?