අධිවේගී මාර්ගයේ අනතුරකින් වෛද්‍යවරයෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීදියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් වෛද්‍යවරයෙකු තුවාල ලබා තිබෙනවා.

එම වෛද්‍යවරයා පදවාගෙන යමින් සිටි මෝටර් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අද දහවල් අනතුර සිදුවී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8.7 ආසන්නයේදී යි.

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලබා සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටි වෛද්‍යවරක් මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලබා සිටි වෛද්‍යවරයාට මූලික ප්‍රතිකාර ලබාදී බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපසට සහ වම්පස දොරට බරපතල අලාභ හානි සිදු වී තිබෙනවා.

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26