මැල්සිරිපුර මිරිස් වගාව කෘෂි ඇමතිගේ නිරීක්ෂණයට

මැල්සිරිපුර ප්‍රදේශයේ අක්කර 36ක වගා කර ඇති සාර්ථක මිරිස් වගාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ටියුලිප් පුද්ගලික සමාගම නමැති ආයතනයක් විසින් මෙම ප්‍රදේශයේ අක්කර 75ක මිරිස් වගා කිරීමට සැළසුම් කර ඇති අතර, දැනටමත් ඉන් අක්කර 36ක නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමිනුයි මෙලෙස මිරිස් වගා කර ඇත්තේ.

දැනට රටට අවශ්‍ය වියලි මිරිස්වලින් 90%කටත් වඩා ආනයනය කෙරෙන අතර, වාර්ෂිකව මෙරටට මිරිස් ආනයනය කිරීම සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 52 ඉක්ම වනවා.

වාර්ෂිකව රටේ මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500ක් වන අතර, ඉන් මෙරට නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 5000ක් පමණයි. ඉතිරි මෙට්‍රික් ටොන් 47,500 මෙරටට ආනයනය කිරීමයි සිදු කෙරෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රටට අවශ්‍ය මිරිස්වලින් 20%ක් මෙම වසර තුළ නිපදවීමටත්, ඉදිරි වසර 03 තුළ එම ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා පුද්ගලික අංශයේ මැදිහත් වීම මත නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් දිවයින පුරා මිරිස් වගා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

විසිරි ජල බිංදු තාක්ෂණය (Drip Irrigation System), ආරක්ෂිත දැල් උපයෝගී කර ගැනීම සහ නිෂ්පාදන වියදම් අවම කර ගැනීම සඳහා තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් සිදු කර ඇති මෙම මිරිස් වගාවේ දැනටමත් අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 16 – 20 අතර ප්‍රමාණයක ආදායමක් උපයා ගැනීමට එම ආයතනය සමත් වී ඇතැයි සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් ද මේ වන විට අක්කර 800ක පමණ මිරිස් වගා කර තිබෙනවා.

එමෙන්ම පුද්ගලික අංශය ද දැනටමත් අක්කර 3000ක පමණ මිරිස් වගා කර ඇති අතර මෙම වගාවන්හි සමස්ථ අස්වැන්න අනුව මෙම වසර අවසන් වන විට රටේ මිරිස් අවශ්‍යතාවය 20%ක් රට තුළම නිපදවා ගැනීමටයි හැකියාව ලැබී ඇත්තේ.

මෙම මිරිස් වගාව නිරීක්ෂණය කිරීමට සහභාගී වූ අමාත්‍යවරයා ඉදිරියේ දී හැකි තරම් තරුණ ප්‍රජාව යොදා ගනිමින් මිරිස් වගාව සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරන බවද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33