පසු පැදිකරු වහලයක් මතට යැවූ යතුරුපැදි අනතුර (ඡායාරූප)

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

යතුරුපැදිය සහ මෝටර් රථය එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා තිබෙනවා.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි සඳහන්.

පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල ඉඩමකට වැටී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෝටර් රථය මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් සිට ඇති අතර වංගුවක් සහිත ස්ථානයක දී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

පසු පැදිකරු පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන තරුණයෙක් වන අතර 21 හැවිරිදි අනෙක් තරුණයා මුණගම පදිංචිකරුවෙක්.

තුවාලකරුවන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16