රත්‍රං මිල යළි ඉහළ යයි

දේශීය වෙළඳපොලේ රත්‍රං මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රත්‍රං මිල අද (30) දැක්වුණේ පවුමක් රු. 163,800 ක් ලෙසටයි.

ඊයේ (29) එම අගය රු. 161,000ක් ලෙස දැක්වුණා.

කැරට් 24 රන් පවුමක අද මිල රු 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ එහි අගය රු. 175,000ක් ලෙස පැවතියා.