ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට

දිවයින පුරා ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඊයේ දිනයේදීත් අද උදෑසනත් ඉන්ධනහල් වෙත ලැබී තිබෙනවා.

නමුත් ඇතැම් ඉන්ධනහල් තුළ තරමක තදබදයක් පවතින අතර ඊට හේතුවී තිබෙන්නේ මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුවූ ඉන්ධන ලබාගැනීමට අද පෙරවරුවේ ජනතාව ඉන්ධන හල් වෙත පැමිණ සිටීමයි.

මේ අතර ඊයේ සවස වනවිට ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 574 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 512 ක් ඉන්ධන පර්යන්ත මගින් හා ප්‍රාදේශීය ඩිපෝවලින් පිරවුම්හල් වෙත යවා යැවූ බව බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.

FsYulmIaYAYb1nw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?