ශ්‍රී ලංකාව යළිත් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ගමනාන්තයක් වේවි – මුදල් රාජ්‍ය ඇමති ජාත්‍යන්තරයට පහදයි

2022 නොවැම්බරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දියත් කරන ලද දේශගුණ සෞභාග්‍ය සැලැස්ම රටේ දේශගුණික අස්ථාවරත්වයක් තුළ වුවද, අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තායිලන්තයේ පැවති ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) සංසදයට සහභාගි වෙමින්.

තිරසාර සංවර්ධන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වූ මෙම සංසදය, එහි සාමාජික රටවල් 53 සහ ආශ්‍රිත සාමාජිකයන් 09ක් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ සියලුම රටවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව දෘශ්‍යමාන ආර්ථික ස්ථාවරත්වයක් කරා පැමිණ ඇති ආකාරය ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් මත පැටවී තිබූ විශාල බර දරාගෙන මෙය සාක්ෂාත් කර ගැනීමට සහයෝගීව කටයුතු කළ ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මඟින් අදහස් කරන්නේ බාහිර අරමුදල් පමණක් නොව, එය ශ්‍රී ලංකාව එහි පැවැත්ම නිසි ලෙස සකසා ගන්නා බවත්, විදේශ ආයෝජන, සංචාරක සහ දක්ෂතා නැවත රට වෙත ගෙන්වා ගත හැකි බවත් පෙන්නුම් කරනවා. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සහ විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවා. ආරම්භයේදීම, ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ට, ඔවුන්ගේ සහයෝගීතාවය සහ මූල්‍ය සහතික ලබාදීම සම්බන්ධයෙන් අපි ඉතා කෘතඥ වෙනවා. අපි අභිලාෂකාමී සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් භාරගෙන ඇති අතර, නිදහසින් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගෙන තිබෙනවා. මෙම අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය දැන් ඵල දරමින් තිබෙනවා. ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ රටේ ප්‍රකෘතියට සහාය වීම සඳහා ප්‍රධාන අංශවල ආයෝජන වැඩි කිරීමට පියවර ගෙන තිබනෙවා. ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර ගමනාන්තයක් වේවි.”

මේ අතර ශ්‍රී ලංකාව 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් 70%ක විදුලි උත්පාදනයක් අපේක්ෂා කරන නැවත රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංසදයේ දී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32