රජයේ ආයතන රැසක් නියමිත කාලසීමාවේ දී මූල්‍ය ප්‍රකාශන භාරදී නැහැ – විගණකාධිපති

රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේ දී භාර නොදීම හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බව විගණකාධිපතිවරයා පවසනවා.

සෑම වර්ෂයකම පෙබරවාරි 28 වනදා වන විට රාජ්‍ය ආයතන සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බව
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සඳහන් කළේ.

මෙම මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?