යල කන්නයේ ගොවීන්ට වගාව සඳහා සහනාධාර මුදලක්

ඉදිරි යල කන්නයේ දී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා සහනාධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් සාකච්ඡා කළ අතර ඔහු ද ඊට එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මුල්‍ය සහනාධාරය පිරිනැමීමට රජය පියවර ගෙන තිබෙනවා.

අප්‍රේල් මස 02 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අභිමුවෙහි පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් සහල් එක්රැස් කිරීම ඊයේ (25) ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී සිදු කළ අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

“අපි ගොවි ජනතාවට සහනාධාර ලබා දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහායි. ඒ වගේම අඩු මිලට සහල් පාරිභෝගිකයින්ට ලබා දීමත් රජයේ අරමුණක්. ඒ නිසා රජය හැම විටම මේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවීන්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නවා. මඩ පොහොර නොමිලයේ ලබා දීම වැනි සහන හැරෙන්නට අනෙකුත් පොහොර සහනාධාරය සඳහා පමණක් මෙම වසරේ දී රජය විසින් රුපියල් මිලියන 59,000ක් වෙන් කර තිබෙනවා”

මෙවර යල කන්නයේ දී මඩ පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත්තාක් මෙන් දැනට රුපියල් 10,000කට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක් තවත් සැළකිය යුතු මුදලකින් මිල අඩු කිරීමට ද කටයුතු යොදන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් වීසින් මාධ්‍යයට කළ ප්‍රකාශ ද වී කිලෝවක මිල රුපියල් 100ක් ලෙස රජය උපරිම මිලක් තීරණය කිරීමට බලපෑ බව ද ප්‍රකාශ කළා.

ගොයම් කැපෙන්නටත් පෙර ඇතැම් ගොවි නියෝජිතයෝ තම දිස්ත්‍රික්කවල වී කිලෝවක් රුපියල් 55ට හා 60ට අලෙවි වන බව ප්‍රකාශ කළ බැවින් රජය රුපියල් 100ක් ලෙස තීරණය කළේ ඔවුන් සඳහන් කළ මිලට වඩා උපරිම මිලක් රජය විසින් ලබා දිය යුතු නිසා බවයි මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23