Empty Ad
Empty Ad
 Empty Ad

නීතිඥ සංගමයේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවට එක් වෙමින් ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරවයි පසුගියදා තේරී පත් වුයේ.

මෙවර නිලවරණය සඳහා නාම යෝජනා භාරදී තිබුණේ ඔහු පමණක් වීම ඊට හේතුවයි.

කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයායි.

මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත් වුණා.

නීතීඥ සංගමයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

නීතිපති සංජය රාජරත්නම් මහතා මෙන්ම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය වේදීන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යළිත් කරළියට එන යට ගිය නඩු
Video thumbnail
Breaking News 🛑ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අලුත් ගැසට්ටුවක් #breakingnews
01:05
Video thumbnail
යුක්තියක් නැති නඩු තීන්දු යළි හිස ඔසවයි
07:06
Video thumbnail
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සමඟ විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඡන්ද දායකයින්ට අල්ලස් දුන්නොත් - මන්ත්‍රී කමට ඇඩ්‍රස් නැතිවෙන දඬුවමක්
03:34
Video thumbnail
ආන්දෝලනාත්ම හෙළිදරව්වක් එළියට - ඩොලර් මිලියන 20ක් පිළ්ලි ගහලා - ඡායරූපත් සමග Leak වෙයි
07:48
Video thumbnail
පැය ගානක් රස්තියාදු වුණ මිනිස්සු කුපිත වෙයි - Online Online කියලා පිටින් ඇවිල්ලා නගිනවා
02:01
Video thumbnail
මාකුඹුර බස් නැවතුම්පළ උණුසුම් වෙයි - මින්ස්සු කන කට්ටක්
01:45
Video thumbnail
මැතිවරණ නීති කැඩුවොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙයි
06:03
Video thumbnail
කොළඹ සිට ගම්බිම් බලා යන්න අතිරේක CTB බස් - ගෙදර ගිහින් අයෙත් එන්න දැනුවත් වෙන්න
03:36

?