හොරකමේ ගිහින් අධිකරණ පහකින් වරෙන්තු තිබූ අයෙක් අත්අඩංගුවට

සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයන් විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මීට පෙර වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවේ දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වෙන්නප්පුව – බණ්ඩිරිප්පුව සහ පල්ලම – තෝරවටවන ප්‍රදේශවල පදිංචිව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මාර්ගයේ නවතා ඇති ස්කූටර් වර්ගයේ යතුරුපැදිවල ආසනය යට ඇති බක්කිය විවෘත කර එහි තිබෙන භාණ්ඩ සැකකරු විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මුදල්, රන් ආභරණ, ඒ.ටී.එම් කාඩ් පත් වැනි වටිනා දෑ සොරකම් කිරීම සැකකරු විසින් සිදුකරගෙන ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

තොඩුවාව, වෙන්නප්පුව, දංකොටුව,මාරවිල, කොස්වත්ත, මාදම්පේ, පල්ලම, ආණමඩුව, වැලිපැන්න සහ කොබෙයිගනේ යන පොලිස් වසමේ වලදී සැකකරු සොරකම් 17ක් සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු විසින් දංකොටුව ප්‍රදේශයේදී යතුරුපැදියක තිබී රුපියල් 333,000 ක මුදලක් සහිත බෑගයක් සොරකම් කර ඇති අතර, එම හිස් බෑගය දංකොටුව, ගෝනාවිල ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු අවස්ථා කීපයකදීම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මාරවිල, කුලියාපිටිය, ආණමඩුව, නිකවැරටිය සහ හලාවත මහේස්ත්‍රාත් අධිකරණ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙන බවද තොඩුවාව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15