අඹු සැමි යුවලකට අකුණු සැර වැදී සැමියා මරුට

අනුරාධපුර ගාලදිවුල්වැව පොලිස් වසමේ රළපනාව ජනපදයේ වැව් පිටියක රැඳීසිටි අඹු සැමි යුවලකට අකුණු සැර වැදී තිබෙනවා.

මේ අනතුරෙන් සැමියා මියගොස් ඇති අතර කම්පනයට පත් බිරිඳ නොච්චියාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ සවස ඔවුන් ගවයින් රැගෙන ඒමට වැසි පැවති වෙලාවක වැව් පිටියට ගොස් සිටියදී මේ අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා රළපනාව ජනපදයේ පදිංචිව සිටි 44 හැවරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?