නව මකුළු විශේෂයක් හමුවෙයි

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් ක්වීන්ස්ලන්තයේ පමණක් දක්නට ලැබෙන විශාල ප්‍රමාණයේ නව මකුළු විශේෂයක් සොයාගෙන තිබෙනවා.

මෙම දුර්ලභ මකුළු විශේෂයේ ගැහැණු සතුන් වසර 20 කට වැඩි කාලයක් ජීවත් විය හැකි අතර දිග සෙන්ටිමීටර 5ක් පමණ දක්වා වර්ධනය වන බව සඳහන්.

පිරිමි සතුන් සෙන්ටිමීටර 3 ක් දක්වා වර්ධනය වනවා.

වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් මෙම මකුළුවන් ගේ වාසස්ථාන බොහොමයක් අහිමි වී ඇති අතර, එබැවින් සත්වයන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් බවට පත්වීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම මකුළුවන් කෘමීන් ගොදුරු කර ගැනීම සඳහා කොළ වලින් උගුල් සාදන අතර ඒවා සාමාන්‍යයෙන් 1.5cm සිට 3cm පමණ වන බව සඳහන්.

අලුතින් සොයාගත් විශේෂය, මධ්‍යම ක්වීන්ස්ලන්තයේ අර්ධ ශුෂ්ක වනාන්තරවලින් හමුවී ඇති අතර මිනිසුන්ට හානිදායක නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Euoplos dignitas විවෘත වනාන්තරවල ජීවත් වන අතර කළු පසෙහි සිදුරු සාදමින් එහි ජීවත් වනවා.

ගැහැණු සතුන් තම ජීවිතය ගත කරන්නේ පොළොව යට වන අතර පිරිමි සතුන් අවුරුදු හතකට පමණ පසු වෙනත් ගුලකින් සහකරුවෙකු සොයා පිටත් වන බව අනාවරණ කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09