සෙනසුරාදා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ලබන සෙනසුරාදා (25) කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අතශවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම මීට හේතුවයි.

ඒ අනුව සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුල ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවෙනවා.

මෙම ජල කප්පාදුව හේතුවෙන් අත්‍යවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා ලෙසටයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43