රජිනිකාන්ත්ගේ දියණියගේ නිවසේ දියමන්ති සහ රන් සොරකමක්

ප්‍රවීන ඉන්දීය රංගන ශිල්පී රජිනිකාන්ත්ගේ දියණියගේ නිවසේ තිබූ දියමන්ති සහ රන් ආභරණ සොරකම් කර ඇති බව ඇය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඓශ්වර්යා රජිනිකාන්ත් පසුගිය පෙබරවාරි මස 27 වනදා මෙම පැමිණිල්ලක් ගොනුකර ඇති බවටයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය අද (20) වාර්තා කර තිබුණේ.

චිත්‍රපට නිෂ්පාදකවරියක වන ඓශ්වර්යා මෙම පැමිණිල්ල සිදුකරමින් සඳහන් කර ඇත්තේ තම නිවසේ කාර්ය මණ්ඩලය තිදෙනෙකු, රියදුරෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු මෙම සොරකම සම්බන්ධයෙන් සැක කරන බවයි.

2019 වසරේ තම බාල සොහොයුරියගේ විවාහ මංගල්‍යයේදී මෙම ස්වර්ණාභරණ භාවිත කිරීමෙන් පසු එම ආභරණ තම ලොකරයේ තබා තිබූ බවත්, ඉන් අනතුරුව ලොකරය ස්ථාන තුනකට මාරු කර බවත් ඇය පොලිසිය හමුවේ පැමිණිල්ල සිදුකරමින් පවසා තිබෙනවා.

අයිශ්වර්යා වැඩිදුරටත් පවසා ඇත්තේ, ලොකර් යතුරු තබා ඇත්තේ ශාන්ත මේරි පාරේ පිහිටි මහල් නිවාසයේ ඇගේ පෞද්ගලික වානේ අල්මාරියේ බවයි.

එය තමන්ගේ කාර්ය මණ්ඩලය දන්නා බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇති බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

පසුගිය පෙබරවාරි 10 වනදා ලොකරය විවෘත කළ විට තමාගේ වටිනා ආභරණවලින් කොටසක් නැති වී තිබූ බවයි ඇය පවසා ඇත්තේ.

අද වනතුරුත් ඒවා නිවසේ සොයමින් සිටිය ද සොයා ගැනීමට නොහැකි වූ බවත්, තම විවාහයෙන් පසු පසුගිය වසර 18 තුළ එම වටිනා ස්වර්ණාභරණ සියල්ල එකතු වූ ඒවා බවත් සඳහන් කර තිබෙනවා.

අයිශ්වර්යාගේ මෙම පැමිණිල්ල මත ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42