Update – පූනාගල නාය යාමෙන් 300ක් අවතැන් – රෝහල් ගතකළ පහකගේ තත්ත්වය බරපතලයි (ඡායාරූප)

බණ්ඩාරවෙල – පූනාගල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ඊයේ (19) රාත්‍රියේ සිදු වූ නාය යෑමෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති බව වාර්තා වනවා.

එම පිරිස් මේ වනවිට පූනාගල අංක 03 දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (19) පස්වරුවේ සිට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ රාත්‍රී 8.00 පමණ පැමිණි විශාල ජල පහරක් සමඟ සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි හානි සිදු වුණා.

එහිදී වෙළෙඳසැලක් සහ වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් පස්දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පසුව අනාවරණය වුණේ.

මේ අතර නාය යාමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, කොස්ලන්ද පොලීසිය, ලියන්ගහවෙල පොලිසීය, බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය සහ දියතලාව යුධහමුදා නිළධාරීන් පැමිණ රෝගීන් රෝහලට ඇතුලත් කර අනතුර සහිත නිවාසවල පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48