ඉන්දියාවට අවමන් සහගත එක්දින තරග පරාජයක්

ඉන්දියාව සමඟ විශාකාපට්නම් හිදී පැවති දෙවන එක්දින තරගය කඩුලු දහයකින් දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (19) හැකියාව ලැබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26ක් තුළ ලකුණු 117කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ඉන්දීය පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි ලකුණු 31ක් රැස්කළ අතර අක්ෂාර් පටෙල් නොදැවී ලකුණු 29ක් රැස් කළා.

අනෙක් කිසිඳු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකරන්න මෙචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී මෙචෙල් ස්ටාර්ක් ඉන්දීය ඉනිමේ කඩුලු 05ක් ලකුණු 53ක් තුළ දවාගත් අතර, වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 118ක ජයග්‍රාහී පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට අද දින පිටියට පිවිසියේ ට්‍රැවිස් හෙඩ් සමඟින් මිචෙල් මාෂ්.

ඔවුන් දෙදෙනා එක්ව සිය කණ්ඩායම ඉතා පහසු ලෙස ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, එහිදී මිචෙල් මාෂ් නොදැවී ලකුණු 66ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 51ක් බැඟින් රැස්කළා.

ඒ, අනුව පන්දුවාර 11 තුළ ලකුණු 121ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයේ ජය තමන් සතුකර ගත්තා.

ඕස්ට්‍රේලියාවේ මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පෙරේදා (17) පැවති පළමු තරගය මෙවැනිම ආකාරයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ කරමින් ඉන්දීය පිළ කඩුලු 05කින් ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00