නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවෙළක්

මෙරට පුරවැසියන් විදේශ රැකියා සදහා යොමු කිරීමේදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කර රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසනවා.

සහජ දක්ෂතා ඇති පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් රැසක් ලංකාවේ සිටියත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා සහතික පත් නොමැති නිසා විදෙස්ගත වීමේදී නුපුහුණු ශ්‍රමිකයන් ලෙස රැකියා සදහා යොමු වීමට සිදුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී එම තත්වය මග හැරවීම සදහා ඔවුන්ට කෙටි කාලීන පුහුණුවක් ලබාදී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතික පත්‍රයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ආධුනිකත්වය මණ්ඩලය, කෘෂිකර්ම අමාත්‍යංශය සහ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා එම සහතික ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළා.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සිටින පෙදරේරුවන්, වෑල්ඩින් ශිල්පීන්, මේසන්වරුන් වැනි විවිධ වෘත්තීන්වල නියැලෙන ශිල්පීන් ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ජගත් පුෂ්පකුමාර මහතා කියාසිටියේ.

ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිටින විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ක්‍රමයක් වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් හැදින්විය හැකි බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් වැඩිම පිරිසක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බවයි.

දෙවැනි ස්ථානය කුරුණෑගලට හිමි වන අතර වැඩිම පිරිසක් ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත වන අනුපිළිවෙළ අනුව මහනුවරට තුන්වැනි ස්ථානය හිමි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති වැඩසටහන යටතේ ශ්‍රමිකයන්ට පිළිගත් සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහනින් පසු අභිමානයෙන් යුක්තව විදේශ රටවලට සේවයට එක්වීමට ලාංකියන්ට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විදෙස්ගත වන ශ්‍රමිකයන්ට රැකියාවට ගිය පසු ඒ සදහා වැය වන මුදල කොටස් වශයෙන් ගෙවීමට හැකි ක්‍රමයක් සකස් කිරීමට ද සැලසුම් කරමින් පවතින බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ මධ්‍යම පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45