දෙයියන්ට මුවා වී කසිප්පු පෙරූ කපුවා පොලිස් දැලේ

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන, දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් නීති විරෝධී මත්පැන් තොගයක් ද පොලිස් භාරය ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තලගල, මොරගහහේන, හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට කසිප්පු බෙදාහැර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිඇත්තේ.

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් එහි කපුවා ලෙස පෙනී සිටිමින් මොහු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, සැකකරු විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලිලීටර් 135,000ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

ඊට අමතරව සූක්ෂම ලෙස පොළොව යට වළලා තිබූ බැරල් 06ක අසුරන ලද ගෝඩා මිලිලීටර් 11,35,000ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගත් දෑ අතරට ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38