ඉක්වදෝරයේ භූමිකම්පාවකින් 12 දෙනෙකු මරුට

ඉක්වදෝරයේ දකුණු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 12 පමණ මියගොස් තිබෙනවා.

එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ ඇති වූ රික්ටර් මාපකයේ 6.7ක භූමිකම්පාවෙන් පසු නගර කිහිපයක ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු පළාතේ El Oro ප්‍රදේශයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර, කඩා වැටුණු නිවාස තුළ පුද්ගලයන් සිරවී සිටින බව හදිසි සනහ සේවා කණ්ඩායම් වාර්තා කර තිබෙනවා.

එල් ඕරෝ ප්‍රදේශයේ මරණ 11ක් සහ අසුආයි පළාතේ එක් මරණයක් සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.

මිලියන තුනක පමණ ජනතාවක් වෙසෙන ඉක්වදෝරයේ දෙවන විශාලතම නගරය වන ගුවායාකිල් සිට කිලෝමීටර් 80ක් පමණ දුරින් බලඕ ආසන්නයේ යි මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ.

සහන සේවා ක්‍රියාත්මක බැවින් නිලධාරීන් හානිය තක්සේරු කරන තෙක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති Guillermo Lasso ඉක්වදෝර වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

නායයෑම් හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති අතර, නිවාස, අධ්‍යාපනික ආයතන ගොඩනැගිලි සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි ඉක්වදෝර බලධාරීන් පවසන්නේ.

තාප්පයක් මෝටර් රථයට කඩා වැටීමෙන් කුවෙන්කා නගරයේ එක් පුද්ගලයෙකු මිය ගිය අතර, ජම්බෙලි දූපතේ ආරක්ෂක කැමරා කුළුණක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මනාබි, මැන්ටා සහ ක්විටෝ අගනුවර ඇතුළු තවත් නගර කිහිපයකට භූමිකම්පාව දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2016 වසරේ ඉක්වදෝරයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවකින් 700කට ආසන්න පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබුවා.

පේරු රාජ්‍යයේ බලධාරීන් පවසන්නේ අද ඉක්වදෝරයේ හටගත් භූමිකම්පාව තම රටේ උතුරු ප්‍රදේශවලට දැනුණු නමුත් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර්තා නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37
Video thumbnail
DVගේ කතාව මැද චාමර සම්පත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටිය හැටි
07:21
Video thumbnail
කාන්තාවෝ ඇවිත් ජනපති අනුරට දෙයි රිදෙන්නම - ඒකටත් බදු ගහනවනම් අශිෂ්ටත්වයේ සංකේතයක්
05:20
Video thumbnail
අර්චුනා.. ඔයාට දඬුවම් කරනවා - මූලාසනයෙන් හොඳටම අහගනී
01:19
Video thumbnail
මම මෙතනට ආවේ මගේ තාත්තා නිසා.. ඒ අහිමිවීමට කවුරු හරි දායක වුණානම් ඒ හත්මුතු පරම්පරාවටම ශාප වෙනවා..
00:44