පොලිස්පති පත් කිරීම ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සහ ඉහළ නිලධාරීන් පත් කිරීම විනිවිද භාවයකින් සිදු විය යුතු කටයුත්තක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අදාළ කටයුතු මහජන විශ්වාසය තහවුරු වන ආකාරයෙන් සිදුවිය යුතු බවයි.

2023 මාර්තු 23 වැනිදා පොලිස්පති ධුරය පුරප්පාඩු වීමට නියමිත බවට දැනගන්නට ලැබී ඇති අතර නව පොලිස්පතිවරයෙකු ලෙසට හොඳම නිලධාරියෙකු පත්කිරීම ඉතා වැදගත් බව එම ලිපියේ සඳහන්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී ඇති බවයි.

ස්වාධීනත්වයක් නොමැතිකම, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවට පත්වූවන්ගේ මරණ, වෘත්තීයභාවය නොමැතිකම ඇතුළු කරුණු පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමට දායක වී ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මීළඟ පොලිස්පතිවරයා පොලිස් බලකායට ආදර්ශවත් සහ කිසිදු කැළලක් නොමැති මහජන විශ්වාසය නැවත ඇති කිරීමට හැකි ආකාරයෙන් එම සේවයේ නියුතු නිලධාරියෙකු වීම අතිශයින්ම වැදගත් බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම විවිධ අපරාධවලට සැකකරුවන් ලෙස නම් කරන පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම ශ්‍රී ලංකා පොලිසියේ පුරුද්දක් වී ඇතැයි ද ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

පොලිස්පති පත්කිරීමේදී විධායකය විසින් ඉහළ ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බව තම සංගමයේ මතය බවයි එහි දැක්වෙන්නේ.

ඉහත සඳහන් තත්ත්වයන් තුළ අපරාධ නඩු හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ බවට චෝදනා ඇති අයෙකු පොලිස්පති ධුරයට පත් නොකරන ලෙසටයි ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

LETTER to HE on IGP Appintment 1 scaled
LETTER to HE on IGP Appintment 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14