ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළඳසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබාගැනේ (ඡායාරූප)

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළඳසැල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමක් අද (17) සිදුකරනු ලැබුවා.

ඒ, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.

ලිස්ටීරියා රෝගියෙකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවිමත් සමඟ රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින්
පවත්වනු ලබන පරීක්ෂණයකට යොමු කිරීම සඳහා, මෙම වෙළඳසැල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගත බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන, පානිය ජලය වෙළඳසැල්වලින් ලබාදීම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධික්ෂණය කරන බව ද මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සඳහන් කර සිටියා.

මේ අතර මෙම ලිස්ටීරියා රෝගියා හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය වීමත් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද කරුණා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු ආහාර පාන ලබාදීමට පියවර ගෙන ඇති බවයි නල්ලතන්නියේ සංචාරක හෝටල් හිමියන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28