ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ බිරිඳට කඩු ප්‍රහාරයක්

යාපනය, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳ කඩු ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ බිරිඳ ඊයේ (16) මෙලෙස කඩු ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ කෝවිල් උත්සවයකට සහභාගීව ආපසු නිවස බලා පැමිණෙමින් සිටිය දී පසුපසින් පැමිණි
පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් මන්ත්‍රීවරයාගේ බිරිඳ පැළඳ සිටි ස්වර්ණාභරණ පැහැරගැනීමට උත්සාහ දරා ඇති අතර, මන්ත්‍රීවරයා සහ බිරිඳ එය වැළැක්වීමට උත්සාහ දැරීමේ දී මෙම කඩු ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයා සහ බිරිඳ තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන් ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30