ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ බිරිඳට කඩු ප්‍රහාරයක්

යාපනය, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳ කඩු ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ බිරිඳ ඊයේ (16) මෙලෙස කඩු ප්‍රහාරයකට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ කෝවිල් උත්සවයකට සහභාගීව ආපසු නිවස බලා පැමිණෙමින් සිටිය දී පසුපසින් පැමිණි
පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් මන්ත්‍රීවරයාගේ බිරිඳ පැළඳ සිටි ස්වර්ණාභරණ පැහැරගැනීමට උත්සාහ දරා ඇති අතර, මන්ත්‍රීවරයා සහ බිරිඳ එය වැළැක්වීමට උත්සාහ දැරීමේ දී මෙම කඩු ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයා සහ බිරිඳ තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන් ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?