පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1521 ක්

පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් පෙත්සම් 1521 ක් පමණ ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළා.

“පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සම් 1521 ක් විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙනවා,එම පෙත්සම් වල අන්තර්ගත කරුණු වල සත්‍ය අසත්‍යතාව නිවැරදි ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යනුවෙන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිට ගාලුමුවදොර මුදල්අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පා ගමනක් සංවිධානය කර තිබූ බවයි.

නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලිසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවටත් ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවටත් චෝදනා කරමින් කොටුව සහකාර පොලිස් අධිකාරි නලීන් දිල්රුක්, කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වන දා දක්වා කල් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මැයි මස 31 වනදා අදාළ පෙත්සම සලකා බැලීම සිදුකරණ බවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59