කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කෙරේ

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කොළඹ සහ ඒ අවට පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙසටයි මෙම දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කෙරුණේ.

මේ සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

2020 වසරේදී මුලින් ඉඩම් අත්පත් කර ගැනීමෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට 2024 මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණා.

මේ සදහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදල ජපාන රජය විසින් ලබා දීමට එකඟතාව පලකළ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් (JICA) තාක්ෂණික සහාය ලබා දීමට එකඟ විය.

කෙසේ වෙතත් ව්‍යාපෘතිය අතරමග නතර වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සැකසුනා.

කිලෝමීටර් 16 ක දිගකින් යුතු කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වන අතර, මාලඹේ සිට කොළඹ – කොටුව දක්වා දුම්රිය විනාඩි 30 කින් ලඟා වීමට සැලසුම් කර තිබෙනවා.

කාර්ය බහුල වේලාවන්හිදී සෑම විනාඩි හතරකට වරක් සහ සාමාන්‍ය වේලාවන්හිදී සෑම විනාඩි 10කට වරක් දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48