spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කෙරේ

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කොළඹ සහ ඒ අවට පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙසටයි මෙම දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කෙරුණේ.

මේ සඳහා විකල්ප යෝජනා ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවා.

2020 වසරේදී මුලින් ඉඩම් අත්පත් කර ගැනීමෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට 2024 මැද භාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබුණා.

මේ සදහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදල ජපාන රජය විසින් ලබා දීමට එකඟතාව පලකළ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් (JICA) තාක්ෂණික සහාය ලබා දීමට එකඟ විය.

කෙසේ වෙතත් ව්‍යාපෘතිය අතරමග නතර වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සැකසුනා.

කිලෝමීටර් 16 ක දිගකින් යුතු කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දුම්රිය ස්ථාන 16 කින් සමන්විත වන අතර, මාලඹේ සිට කොළඹ – කොටුව දක්වා දුම්රිය විනාඩි 30 කින් ලඟා වීමට සැලසුම් කර තිබෙනවා.

කාර්ය බහුල වේලාවන්හිදී සෑම විනාඩි හතරකට වරක් සහ සාමාන්‍ය වේලාවන්හිදී සෑම විනාඩි 10කට වරක් දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?