මුජිබර්ගේ මැතිවරණ පෙත්සම ඉල්ලා අස්කරගනී

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය විසින් සිදුකරනු ලබන බාධා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමඟි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

මෙම පෙත්සම අද (14) විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව සඳහන් කළා.

ඒ, අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ගොනු කළ එම පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ රජය විසින් මූල්‍ය පහසුකම් සැපයීම, ඇතුළු විවිධ කාරණා හරහා පළාත් පාලන ඡන්ද විමසීමට සිදුකරන බාධා කිරීම් හේතුවෙන් නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26