අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරනවා.

තමන් ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණින් අදාළ අයදුම්පත යොමු කළ බවයි සභාපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමා ද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වත්මන් සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 09 පිහිටුවීමේ කටයුතු ලබන සතියේදී සිදුකෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47