spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාගෙනුත් අයදුම්පතක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරනවා.

තමන් ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණින් අදාළ අයදුම්පත යොමු කළ බවයි සභාපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමා ද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වත්මන් සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 09 පිහිටුවීමේ කටයුතු ලබන සතියේදී සිදුකෙරෙනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?