මූල්‍ය අර්බුදය හේතුවෙන් හොන්ඩා පාකිස්ථානයෙන් යයි ද?

පකිස්ථාන මූල්‍ය අර්බුදය හමුවේ තවත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන Honda සමාගම එරට සිය කම්හල වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ සැපයුම් දාමයේ ඇති වූ බාධාවන්.

පාකිස්ථානයේ Honda මෝටර් රථ එකලස් කිරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක වූ Honda Atlas Cars සමාගම දැනට රටේ පවතින තත්වය හමුවේ මාර්තු 9 සිට 31 දක්වා වසා තබන බව නිවේදනය කර තිබෙනවා.

සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදන අඛණ්ඩව කරගෙන යාමට නොහැකි බැවින් කර්මාන්තශාලාව වසා දමන බවයි.

පාකිස්ථානයේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොටස් කළ වාහන සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා එරට රජය විසින් ණයවර ලිපි විවෘත කිරීම සීමා කිරීමත් විදේශ ගෙවීම් නැවැත්වීමටත් පියවර ගනු ලැබුවා.

එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සමාගමේ සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වූ බවයි හොන්ඩා සමාගම පෙන්වා දෙන්නේ.

මීට පෙර, පකිස්ථානයේ Toyota සන්නාමයේ මෝටර් රථ එකලස් කරන Pakistan Sukuzi Motor Company සහ Indus Motor Company යන සමාගම් ද සිය නිෂ්පාදන කම්හල් සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48