spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මූල්‍ය අර්බුදය හේතුවෙන් හොන්ඩා පාකිස්ථානයෙන් යයි ද?

පකිස්ථාන මූල්‍ය අර්බුදය හමුවේ තවත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන Honda සමාගම එරට සිය කම්හල වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ සැපයුම් දාමයේ ඇති වූ බාධාවන්.

පාකිස්ථානයේ Honda මෝටර් රථ එකලස් කිරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක වූ Honda Atlas Cars සමාගම දැනට රටේ පවතින තත්වය හමුවේ මාර්තු 9 සිට 31 දක්වා වසා තබන බව නිවේදනය කර තිබෙනවා.

සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදන අඛණ්ඩව කරගෙන යාමට නොහැකි බැවින් කර්මාන්තශාලාව වසා දමන බවයි.

පාකිස්ථානයේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොටස් කළ වාහන සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා එරට රජය විසින් ණයවර ලිපි විවෘත කිරීම සීමා කිරීමත් විදේශ ගෙවීම් නැවැත්වීමටත් පියවර ගනු ලැබුවා.

එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සමාගමේ සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වූ බවයි හොන්ඩා සමාගම පෙන්වා දෙන්නේ.

මීට පෙර, පකිස්ථානයේ Toyota සන්නාමයේ මෝටර් රථ එකලස් කරන Pakistan Sukuzi Motor Company සහ Indus Motor Company යන සමාගම් ද සිය නිෂ්පාදන කම්හල් සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?