AFC Banner
Empty Ad
Empty Ad

කැලණියේ විරෝධතාවයට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් 06 ක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ රාත්‍රී මෙම විරෝධතාවය පැවැත්වුණා.

පසුව එය විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර පොලීසිය පැවසුවේ විරෝධතාවය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර මාර්ගය අවහිර වූ බැවින් මෙම පිරිස විසුරුවා හැරිය බවයි.

විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?