කැලණියේ විරෝධතාවයට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් 06 ක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු නිදහස් කරන ලෙසට ඉල්ලමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ රාත්‍රී මෙම විරෝධතාවය පැවැත්වුණා.

පසුව එය විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර පොලීසිය පැවසුවේ විරෝධතාවය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ නුවර මාර්ගය අවහිර වූ බැවින් මෙම පිරිස විසුරුවා හැරිය බවයි.

විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.